
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් මුල්ලියාවලෙයි බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිදකට පැන සියදිවි හානි කරගත් බව අගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කළත්, එය මිනීමැරුමක් බවට තීන්දු වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැමියා ඇතුළු තුන්දෙනෙකු මුල්ලියාවලෙයි පොලිසිය ඊයේ (27)අත් අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නමැති මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී ඇත.
ඔවුන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඇගේ සැමියා පළතේ වෙනත් කාන්තාවන් දෙදෙනෙකු සමග සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් අති අතර එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරියගේ ගෙළ සිරකොට මරා මළ සිරුර ළිදට දමා ඇතැයි පැවැසේ.
පසුව සිය බිරිද ළිදට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව ගොඩ ගෙන මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගොස් ඇත.
මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදි කාන්තාව ළිදට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් මියගිය බවටත්, එය ඝාතනයක් බවටත් වෛද්‍යවරයා විසින් ලබා දුන් තීන්දුව මත මුල්ලියාවලෙයි පොලීසිය සැමියාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම් වලදී සිද්ධිය හෙළි වී තිබේ.
පසුව එම පුද්ගලයා අනියම් අසුර පවත්වා ගෙන ගිය කාන්තාවන් දෙදෙනාද අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.
මියගිය කාන්තාව මරා දැමීමේ සිද්ධියට සැමියාගේ අනියම් බිරියන් වශයෙන් සිටි කාන්තාවන් දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැකකරයි.
ඝාතනයට සම්බන්ධ බව කියන සැමියා හා එම කාන්තාවන් දෙදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුල්ලියාවලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart