
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා ඇතැයි සැක සහිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසයි.
අද (25) පෙරවරුවේ පැවති “අද දෙරණ Big Focus” වැඩසටහන හා සම්බන්ධ වෙමින් කෝශල වික්‍රමසිංහ මේ පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ මිනිස් ජාවාරමක් ලෙස පවා හැඳින්විය හැකි ක්‍රමවේදයකට හිටපු ඇමැතිවරයා මැදිහත්වීම ප්‍රශ්නගත කරුණක් බවය.
“අපි හිතනවා මිනිස් ජාවාරමක් දක්වා තල්ලු වෙච්ච ක්‍රමවේදයකට ඇයි මේ රජය පිළිගත් ඇමැති වරයෙක් තල්ලු වුණේ. විශාල සැකසංකාවක් මතුවෙලා තියෙනවා අපිට ඇමැතිවරයා අයථා ලාභයක් ලැබුවා කියලා අපිට සැක කරන්න පුළුවන්. දැනට අපි ළඟ සාධක නෑ. තොරතුරු අපි එකතුකරමින් සිටිනවා. කණ්ඩායම් ඉන්නවා. නීත්‍යනූකූලව ගන්න පුළුවන් නීතිමය ක්‍රමවේද තියෙනවා. ඔය එක පාර්ශවයක් විතරයි. මේ E8 විතරක් නෙමෙයි මෙතන ප්‍රශ්නය. ප්‍රශ්න ගොඩක් තියෙනවා.”
එමෙන්ම අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ද ඔහු සඳහන් කළේ හිටපු ඇමැතිවරයෙකුගේ මැදිහත් වීමෙන් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ අතර කෙටිකාලීන සෘතුමය රැකියා සඳහා E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට යාමට නීත්‍යනුකූලව වීසා නිකුත් කිරීමට නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart