April 28, 2024

පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් පිරිසක් විසින් පොළවේ වළදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිල ඇඳුමක් ඊයේ සොයාගෙන තිබේ.

මෙම සොයාගැනීම් පිළිබඳව පලෙයි පොලිසියට වාර්තා කර ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් කටයුතු සඳුදා (29) සිදුකිරීමට නියෝග කර තිබේ.