
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් වසර 30ක් පමණ පැරණි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ මුලතිව් රෝහලේ වෛද්‍යවරු පසුගිය බ්‍රහස්පතින්දා මුලතිව් අධිකරණයට දන්වා සිටියහ.
කැණීමේ නවතම වර්ධනයන් පිළිබඳව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ට දැනුම්දීම සඳහා පුරාවිද්‍යා සහ වෛද්‍ය නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා තිබිණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවකට අනුව මෙම අස්ථි කොටස් 1994 සහ 1996 අතර කාලයට අයත් බව නීතිඥ වී.කේ. නිරංජන් අධිකරණයට පැවැසීය.
වෛද්‍ය වෘත්තිකයන්ගේ වාර්තාවල මෙහි අස්ථි අයත්වන පුද්ගලයන්ගේ වයස, බර, ලිංගභේදය සහ මරණයට හේතුව සඳහන් නොවන බවද නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේය.
මුදල් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් කොක්කුතොඩුවායි සමූහ මිනීවළ භූමියේ කැණීම් කටයුතු තවදුරටත් කරගෙන යෑමට නොහැකි බව ද නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart