
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමග දේශසීමා හරහා දුම්රිය මාර්ග ඔස්සේ සම්බන්ධ වීමට භූතානය සූදානම් වේ
ඊට අදාළ අනුමැතිය භුතාන රජය විසින් ලබාදී ඇත.
ඉන්දියාව සහ භූතානය ඇසෑම් ප්‍රාන්තයේ කොක්රාජාර් සහ භූතානයේ ගෙලෙෆු නගරය අතර වෙළඳාම සහ සංචාරක යන දෙකම ප්‍රවර්ධනය කළ හැකි දුම්රිය මාර්ගයක් සැකසීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් පසුගිය මාසයේ පැවැසීය.
භූතානය සමඟ සම්බන්ධ වීම පිළිබඳව ජයිශංකර් පවසා ඇත්තේ ඉන්දියාව වැඩි වෙළෙඳ සහ සංචාරක අවස්ථා නිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි.
ඉන්දියාව-මියන්මාරය-තායිලන්ත අතර ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඔස්සේ කලාපීය සම්බන්ධතාව ඉහළ නැංවීමේ ප්‍රධාන මුලපිරීමක්ද මේ වන විට ක්‍රියාත්මක වේ.
බංග්ලාදේශය සමඟ සම්බන්ධ වීමේ මුලපිරීම් පිළිබඳව විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ, බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් සහ මොන්ග්ලා වරායන් ක්‍රියාත්මක කිරීම ඊසානදිග ප්‍රාන්තවලට සහ බටහිර බෙංගාලයට ආර්ථික වශයෙන් බෙහෙවින් උපකාරී වනු ඇති බවයි.
ක්‍රියාකාරී බස් සේවා පහක්, දේශසීමා හරහා ගමන් කරන මගී දුම්රිය සේවා තුනක් සහ අභ්‍යන්තර ජල මාර්ග දෙකක් එහිදී යෝජනා වී ඇත.
කෙසේවෙතත් මියන්මාරයේ අභ්‍යන්තර තත්ත්වය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අභියෝග නිර්මාණය කර ඇත.
මියන්මාර ඉන්දියා ව්‍යාපෘතියට තවමත් ඉදිවෙමින් පවතින ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයේ කොටස මෙන්ම පාලම් 69 ක් ද ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart