
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් එක රැයකින් මතක සටහන් බවට පත්කරමින්, ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද විරෝධතා පෝස්ටරය සමාජ මාධ්‍යවල ජාලා හරහා උපහාසයට ලක්ව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද කොළඹදී පැවැත්වූ සිය විරෝධතාවට අදාළ මෙම ‘NSBM-ලයිසියම්-KDU ඇතුළු උපාධි කඩ එපා’ මැයෙන් වූ පෝස්ටරය අවිශිබමයේ නිල ෆේස්බුක් පිටුවේ අගෝස්තු 08වැනි අඟහරුවාදා පළකර තිබිණි.
එක රැයකින් එම පෝස්ටරය වෙනස් කරමින් වෙනත් උපහාසාත්මක වදන් ඇතුළත් කර, meme ලෙසින් තවත් පෝස්ටර රැසක් නිර්මාණය කෙරුණු අතර ඒවා වේගයෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය විය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාව මේ වන විට කොළඹදී පැවැත්වෙන අතර, පොලිසිය ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart