February 23, 2026

උණවටුන, පිලගොඩ ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගේ දියණියක් හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයෙකුගෙන් රුපියල් 620,000 ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

උණවටුන සංචාරක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කඩිනමින් ක්‍රියාත්මක වී පැය කිහිපයක් ඇතුළත 19 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරකයාගේ කාමරයේ සඟවා තිබූ කැමරාවකින් සැකකාරිය කිහිපවතාවක් කාමරයට ඇතුළුවන ආකාරය දැක්වෙන දර්ශන ලබාගැනීමෙන් පසු පොලිසිය දැරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෝටලයේ මීට පෙර සොරකම් රැසක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර නීතිමය කටයුතු සඳහා සැකකාරිය හෙට (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.