
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන එළඹෙන බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන තෙදින තුළ ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජන පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවැසීය.
අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අද(11) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
නිවාස සහ වෙනත් පරිශ්‍ර නිරීක්ෂණදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන පැවැතියහොත් එවැනි ස්ථාන පවත්වාගෙන යන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂකවරයා එහිදී සඳහන් කළේය.
මෙම ජනමාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පෙන්වා දුන්නේ, උණුසුම් කාලගුණික තත්ත්වය දිගින් දිගටම පැවැතීමත් වරින් වර ඇතිවන වර්ෂාවත් නිසා මදුරු ගහණය වැඩිවීමේ අවදානමක් පවතින බවයි.
ඩෙංගු පැතිරීම පාලනයට නම් නිරන්තර සුපරීක්ෂණය හා පරිසරය සුද්ද පවිත්‍ර කිරීම ඉතා වැදගත් බවත් එය සතියකට වාතාවක්වත් සිදු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය ප්‍රදේශ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart