February 25, 2026

මුල්ලේරියාව පොලිස් කොට්ඨාශයට අයත් අඹතලේ ප්‍රදේශයේ හෝමියෝපති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් බස්නාහිර පළාත් (දකුණු) අපරාධ අංශයේ නිලධාරීන් විසින් වටළා ඇත.

මෙහෙයුම අතරතුර කාන්තවන් තිදෙනකු සහ එම ස්ථානයේ හිමිකරු යැයි විශ්වාස කරන හෝමියෝපති වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෛද්‍ය සායනයක් ලෙස ප්‍රදර්ශනය කරමින් ලිංගික සේවා සැපයීම සඳහා මෙම පරිශ්‍රය භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සේවාදායකයන්ගෙන් පැයකට රු. 7,000 ක් අය කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව තිබේ.