
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි Bethmil Restaurant (පෞද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
2025.12.11 දින සිදුකළ වැටලීමේදී, එවකට වලංගුව පැවති අංක 2430/15 දරන ගැසට් නිවේදනයේ විධාන අංක 93 ප්‍රකාරව මිලිලීටර් 500 දේශීයව බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රු. 70/-ක්ව තිබියදී, එම ජල බෝතලයක් රු. 100/-කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
2026 සැප්තැම්බර් 10 දින මෙම නඩුව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට අධිකරණය විසින් රු. 500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩයක් නියම කර තිබේ.
මෙම වැටළීම 2025 දෙසැම්බර් මාසයේ එවකට බලපැවැත්වූ උපරිම සිල්ලර මිල අනුව සිදු කරන ලද්දකි.
2026 ජූනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විධාන අංක 96 ප්‍රකාරව, මේ වන විට දේශීයව බෝතල් කළ පානීය ජලය (PET) සඳහා බලපැවැත්වෙන උපරිම සිල්ලර මිල ගණන් මෙසේය:
* මිලිලීටර් 500 – 999 ml දක්වා: රු. 80.00
* ලීටර් 1 – 1.499 L දක්වා: රු. 120.00
* ලීටර් 1.5 – 1.999 L දක්වා: රු. 150.00
* ලීටර් 2 – 2.499 L දක්වා: රු. 180.00
* ලීටර් 5 – 6.999 L දක්වා: රු. 400.00
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දෙන මෙන් අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart