
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පාසල් වාරය ආරම්භ වී පළමු සති දෙක තුළ දෙමාපියන්ගේ රැස්වීම් කැඳවීමට සියලුම පාසල් ප්‍රධානීන් පියවර ගතයුතු බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
දෙමාපියන් සහ පන්ති භාර ගුරුවරුන් අතර සබඳතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණ වේ.
එසේම, ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට කටයුතු කරන බවටද හෙතෙම සහතික වී තිබේ.
“නව පාසල් වාරය පෙබරවාරි 19 වැනිදා ආරම්භ වූ පසු පළමු සති දෙක තුළ සියලුම රජයේ පාසල්වල දෙමාපියන්ගේ රැස්වීම් පැවැත්විය යුතු පරිදි අපි චක්‍රලේඛය සංශෝධනය කරනවා. වසර ආරම්භයේදී පන්ති භාර ගුරුවරයා දෙමාපියන්ව පාසලට කැඳවා වසර සඳහා වන වැඩසටහන, දරුවන්ගේ විනය සහ එය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඔවුන්ට දැනුම් දෙනවා. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ මේ දේවල්වලට බාධා ඇති වූ අතර එය අහිතකර ප්‍රතිඵලවලට හේතු විය. මේ ක්‍ෂේත්‍රය පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කළ යුතුයි” ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart