November 28, 2026

සම්මානලාභී හිප්-හොප් ගායකයකු සහ ගීත රචකයකු වන SVDP, මෙවර TEDxColombo වැඩසටහනට සහභාගී වීම සඳහා කොළඹට පැමිණ තිබේ.

යාපනයේ උපත ලබා කැනඩාවේ ටොරොන්ටෝ නුවර හැදී වැඩුණු ඔහු, සිය ශ්‍රී ලාංකික දෙමළ සම්භවය සහ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් අනන්‍යතාව, සංස්කෘතිය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සංගීතය හා දෘශ්‍ය කතන්දර කීම ඔස්සේ ගවේෂණ සිදුකරයි.

ලොව පුරා මිලියන 200 කට අධික ප්‍රවාහයන් (streams) සංඛ්‍යාවක් වාර්තා කර ඇති SVDP, අන්තර්ජාතික වේදිකාවල ප්‍රසංග පවත්වා ඇති අතර, සංගීතය සහ සිනමාව යන ක්ෂේත්‍ර දෙකෙහිම කැපීපෙනෙන ඇගයීමට ලක්ව සිටී.

මෙම සංචාරය හරහා ඔහුගේ ජීවන ගමන ආරම්භ වූ ශ්‍රී ලංකාවට ඔහු නැවත පැමිණෙයි.

14 වැනි වරටත් සංවිධානය කෙරෙන TEDxColombo ප්‍රධාන වැඩසටහන The Fractured Paradox යන තේමාව යටතේ පැවැත්වේ.

පෞද්ගලික ජීවිත, ප්‍රජාවන් සහ ආයතන තුළ ඇතිවන බිඳීම් හරහා වෙනසක් සඳහා නව දැක්මවල් සහ අවස්ථා ගොඩනැගෙන ආකාරය මෙවර සාකච්ඡාවට ගැනේ.

2009 වසරේ ආරම්භ කළ දා සිට TEDxColombo වැඩසටහන ශ්‍රී ලාංකික හඬවල් සහ අදහස් ලෝක වේදිකාව වෙත රැගෙන යෑමට කටයුතු කර ඇත.