
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නවීකරණය කිරීමේ දැවැන්ත වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 3 වැනිදා නිල වශයෙන් ආරම්භ විය.
කදුරුවෙල දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු නිමකිරීමෙන් පසු මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි දුම්රිය ස්ථානය හිඟුරක්ගොඩ වේ.
ගල්ඔය සහ පොලොන්නරුව අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ පිහිටි හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය වසර 45කින් පමණ ප්‍රධාන සංවර්ධනයකට ලක්ව නොමැති අතර, දැනට සීමිත පහසුකම් සහිතව ක්‍රියාත්මක වේ.
මෙම දුම්රිය ස්ථානය මගී ප්‍රවාහනය සඳහා මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික අස්වැන්න ප්‍රවාහනය කිරීම සඳහා ද බහුලව භාවිත කරනු ලබයි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 40ක් පමණ වැයවන බවට තක්සේරු කර ඇති අතර, ඊට අදාළ සම්පූර්ණ අරමුදල් සම්පාදනය CIC Holdings PLC ආයතනය විසින් සිදුකරනු ලබයි.
යටිතල පහසුකම් නැංවීම, නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය හඳුන්වා දීම මෙන්ම බස් හා දුම්රිය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඇතුළුව පොදු ප්‍රවාහන සේවය සක්‍රීය කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගනිමින් කෙටි, මධ්‍යම සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ හරහා ඒකාබද්ධ පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම රජයේ මූලික ඉලක්කයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart