December 25, 2025

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින හික්කඩුව නගර සභාවේ අයවැය තුන්වැනි වරටත් පරාජයට පත්ව ඇත.

අයවැය යෝජනාව අනුමත කිරීම සඳහා යසස්වින් ගොඩකන්දගේ ප්‍රධානත්වයෙන් නගර සභාව ඊයේ (24) රැස්විය.

ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු නවදෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර මන්ත්‍රීවරු 10 දෙනෙක් එයට විරුද්ධ වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ජන බලවේගයේ අයවැය එක් ඡන්දයකින් පරාජයට පත්විය.