
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ ප්‍රදේශවල ඊයේ (31) සිදු කරන ලද හෙරොයින් වැටලීම්වලදී පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 3.6කට අධිකය.
විශාලතම වැටලීම වේයන්ගොඩ, කුඩානයිවල වත්තේදී සිදු කරන ලද අතර, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 3.655ක් සමඟ 26 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කරන වෑන් රථයක් සහ කිරුම් උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව ග්‍රෑන්ඩ්පාස් හි, ඔරුගොඩවත්තේ දී 32 හැවිරිදි සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 11.7ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී කළ වැටලීමකින් රත්මලානේ පදිංචි 31 හැවිරිදි සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 5.5ක් සමඟ අත්අඩංගුවට ගැනිණි.
උතුරු පිටිපන, දුන්ගල්පිටියේදී, හෙරොයින් ග්‍රෑම් 5.225ක් සමඟ 38 හැවිරිදි සැකකරුවකු හසුවී තිබේ.
වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බැවින් සියලුම සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග යටතේ දිවයින පුරා සිදු කෙරෙන මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයක පියවරක් ලෙස මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart