
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සාමාජිකයන් අනුස්මරණය කරමින් මහවිරු දිනය සැමරීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව, එවැනි පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) අධ්යක්ෂවරයා අද (24) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාමින්ද වික්‍රම විසින් මෙම ප්‍රතිඥාව ලබා දෙන ලදී.
ඒ නොවැම්බර් 27 වැනිදා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර ඇති මහවිරු දින සැමරුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියකු ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart