
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) අධ්යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ ඔහුට එරෙහිව සිදුවෙමින් පවතින විමර්ශනයක් හේතුවෙන් බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘අද දෙරණ’ වාර්තා කර තිබේ.
තොරතුරු සපයන්නන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 5ක් අනිසි ලෙස භාවිත කිරීම, පරිපාලන අඩුපාඩු සහ මාස තුනක කාලයක් තුළ නිසි මත්ද්‍රව්‍ය වැටලීම් සිදු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තට චෝදනා එල්ල වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
රුපියල් මිලියන 5ක මුදලක් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද කියැවේ.
ඒ අනුව, සැප්තැම්බර් 25 වැනිදා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂවරයා මාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන්ය.
මෙම මාරුවීමට අදාළ අනුමැතිය ඊයේ (15) ලැබී ඇති බවත් ඒ මත පදනම්ව ඔහු මාරු කර ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දෙරණ වැඩිදුරටත් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart