
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතාලි සුපිරි මෝටර් රථ නිෂ්පාදකයකු වන ලැම්බෝගිනි Automobili Lamborghini, Reef AL Arancio නමින් ළදරු ස්ට්‍රෝලරයක් නිපදවා තිබේ.
ඒ බ්‍රිතාන්‍යයේ පැරණිතම ප්‍රෑම් සඳහා ප්‍රසිද්ධ සන්නාමය වන Silver Cross සමඟ එක්වය.
ලොව පුරා ඒකක 500කට සීමා වී ඇති නව ස්ට්‍රෝලර් එකක මිල බ්‍රිතාන්‍ය පවුම් 4,000 (ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 5,165) ක් වන බව පැවැසේ.
Automobili Lamborghini මේවා අලෙවි කරන්නේ ”ඒවා ඔබේ දරුවාට ජීවිතය ආරම්භ කිරීමට හොඳම ක්‍රමය වේ. එසේම ඔබට (අම්මාට සහ තාත්තාට) නිල වශයෙන් Lamborghini හිමිකරුවකු ලෙස හැඳින්වීමට ඇති ලාභම ක්‍රමය බවට පත්කරයි.” යනුවෙන් පවසමින් ය.
සිනිඳු කළු රෙදි මගින් සකසා ඇති එය ලැම්බෝගිනි වෙළඳ නාමයේ ප්‍රකට තැඹිලි පැහැයෙන්ද යුක්ත වන අතර, ළදරුවාට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත බව Automobili Lamborghini පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart