
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට රේගුව භාරයේ පවතින චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අගෝස්තු 7 වැනිදා යළි රැස්වන බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
ජෝන් කීල්ස් CD ඔටෝ පෞද්ගලික සමාගම විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
වාහන රඳවා තබාගැනීමට රේගුව ගත් තීරණය නීතිවිරෝධී බව එම පෙත්සමෙන් සමාගම පවසයි.
බැංකු ඇපකරයක් යටතේ වාහන නිදහස් කළ හැකි බවත්, රඳවා තබාගැනීම නීතිමය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු තර්ක කලහ.
රේගුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන අධිකරණයට දන්වා සිටියේ, වාහන 997ක් තවදුරටත් රඳවාගෙන ඇති බවයි.
ආනයන බදු ගණනය කිරීමේ ප්‍රධාන සාධකයක් වන මෝටර් ධාරිතාව 100 KW හෝ 150 KW ද යන්න තීරණය කිරීම සඳහා BYD හි ඉංජිනේරුවන් සමඟ මොරටුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබේ.
ආරක්ෂක පියවරක් ලෙස සංශෝධිත තීරුබදු මුදල් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් කරන තෙක් වාහන හයක් හැර සෙසු වාහන නිදහස් කිරීමට යෝජනාවක් සලකා බලමින් පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
මීළඟ නඩු වාරයේදී මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වන ලෙස අධිකරණය පෙත්සම්කරුට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart