
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුල හදිසි සෝදීසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
එහි දී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රැම් 03 මිලි ග්‍රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම්කොළ කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart