August 5, 2024

හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්වී තිබේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මේ වන විට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට සහාය පළ කිරීමට හෂාන් සමඟ ඔහුගේ බිරිඳ අප්සාරි තිලකරත්න ද එක්ව සිටියාය.

2020 දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ අප්සාරි තිලකරත්න, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබිණි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කෙරේ.