
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රයේ පොදු මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය නැවතත් නවතා දැමීමට කටුනායක ගුවන්තොටුපල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
මාස 06කට වැඩි කාලයක් ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුළුවීම නවතා තිබූ බස් රථ සේවාව ජනමාධ්‍ය මගින් සිදුකළ අනාවරණයෙන් අනතුරුව මීට දින දෙකකට පෙර ආරම්භ කෙරිණි.
දින දෙකකට පෙර කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් බස්රථ රියදුරන් කැඳවා ගුවන්තොටුපල සභාපතිවරයා අවසර ලබාදී ඇති හෙයින් ක්‍රමවත් ලෙස බස් ගමනාගමනය සිදු කරන ලෙස පවසා ඇත.
එහෙත් අද(28) දහවල් පොලිස් නිලධාරීන් පැමිණ බස්රථ ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත.
පොලිසිය පවසා ඇත්තේ, බස්රථ නැවතත් ඇවරිවත්ත බස් නැවතුමට පමණක් සීමා කිරීමට කටයුතු කරන ලෙසයි.
ගුවන් තොටුපොළ අවට අණසක පතුරුවාගෙන සිටින ත්‍රීරෝද රථ රියදුරන් ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු මුණගැසීමෙන් අනතුරුව මෙලෙස බස් රථ ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කළ බව ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අද උදෑසන අවසන් බස් රථය ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට බැහැරට පැමිණි අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරන් හූ කියමින් සිය සතුට ප්‍රකාශ කළ බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart