
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයනකරුවන් සඳහා නියමිත SVAT යෝජනා ක්‍රමය ඉවත් කිරීම වහාම අත්හිටුවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රජයෙන් ඉල්ලා සිටියි.
එක්සත් ජනපද තීරුබදු සංශෝධනයෙන් ඇතිවන ගෝලීය වෙළඳ ආතතීන් මධ්‍යයේ කිසිදු සහනයක් අපනයනකරුවන්ට ලබානොදුනහොත් බරපතල ප්‍රතිවිපාක ඇති බවට ඔහු අනතුරු අඟවයි.
තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් සොයාගැනීමට ජනාධිපති අනුර දිසානායකට සහාය වීමට තමන් කැමති බව X පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
“මෙය ජාතික අර්බුදයක්. ප්‍රතිඵලය විශාල විය හැකියි” ශ්‍රී ලංකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට ආපසු නොයා “තීරුබදු බාධක බිඳදමා වෙළඳ පාලම් ගොඩනඟා ගත යුතු” බවට ඔහු දිගු කලක් තිස්සේ පැවති සිය ස්ථාවරය නැවත අවධාරණය කර තිබේ.
ඊයේ පැවති BIMSTEC සංවාදයේදී, ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ සිදු නොකරන්නේ නම්, කලාපය සමඟ ඒකාබද්ධවීමේ ඉලක්කයට ළඟාවිය නොහැකි බවට අනතුරු ඇඟවූ බව ද ආචාර්ය හරිෂ ද සිල්වා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart