August 26, 2025

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජනවාරි 6 වැනි දින දක්වා කල්දමා ඇති බව වාර්තා වේ.

නඩුව අද උදෑසන විභාගයට ගත් අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2024 නොවැම්බර් 11 වන දින බදුල්ලේ දී මහ මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී පොලිසිය සමඟ ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලදී.