
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු වෛද්‍ය උපදෙස් මත හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වී තිබේ.
ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, තමාගේ දණහිසේ තිබූ රෝගී තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළ උත්සන්න වූ බවත්, විදේශගතව ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට උපදෙස් දුන් වෛද්‍යවරුන් දැක ඇති බවත්ය.
“යාල හිල්ටන් හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ මම ඉන් පසුව රූපවාහිනී කතාමාලාවකට සහභාගි වුණා. මේ සිදුවීම් දෙකෙන් පස්සේ මගේ දණහිස් රෝගය උත්සන්න වෙලා වෛද්‍ය උපදෙස් පැතුවා. පිටරට ප්‍රතිකාර ගන්න කියලා ඒ අය මගෙන් ඉල්ලීමක් කළා. ඒ නිසා මම දිවයිනෙන් පිටවෙලා ගියා” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විවාදය මඟහැර ගිය බවට ඇතැමුන් තමාට චෝදනා කරන බැවින් ප්‍රකාශයක් ලබාදීමට තමන් තීරණය කළ බව ඇමැතිවරයා සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තම ස්ථාවරය වෙනස් වී නොමැති අතර, එය වෙනස් වන්නේ නැති බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart