
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැනයෑමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින කුප්‍රකට පාතාල නායක නදුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි 9 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ, ‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2023 සැප්තැම්බර් 10 වැනි දින, රහස් පොලිස් නිලධාරීන් අටදෙනකු විසින් ප්‍රශ්න කරනු ලැබූ ‘හරක් කටා’, පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහාය ඇතිව ඔවුන්ට වස දීමට උත්සාහ කර ඇති බව වාර්තා විය.
ප්‍රශ්න කිරීමේදී, ‘හරක් කටා’ වැසිකිළියට යෑමට ඉල්ලා සිටි බව කියන අතර, සැකකරුගේ ආරක්ෂාව සඳහා පවරා ඇති පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) අනුයුක්ත තවත් උප පොලිස් පරීක්ෂකවරයකු සමඟ ප්‍රශ්න කිරීමේ කාමරයෙන් පිටතට ගෙනගොස් ඇත.
ඒ අවස්ථාවේදී ඔහුගේ අත්වලට මාංචු ඉවත් කර තිබුණද, ‘හරක් කටා’ තවමත් මාංචු දමා ඇති ආකාරයට හැසිරෙමින්, වැසිකිළියෙන් පිටතට ගොස් විශේෂ කාර්ය බලකා නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව එම උත්සාහය ව්‍යර්ථ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart