
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයන් වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා ඇතුළු තිදෙනකුට සැහැල්ලු ආහාර ලබා ගැනීමට අධිකරණය ලබාදුන් නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව නීතිඥ ඉවෝන් නිරාශා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ ඊයේ (09) දැනුම්දුන්නාය.
විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිරවන ලෙස කටයුතු කළ බවට රඳවා ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන්ට අධිකරණ නියෝග ප්‍රකාරව කෙටි ආහාර ලබා නොදෙන බවත් ඔවුන්ව හමුවීමට ලබාදුන් මිනිත්තු 30ක කාලය ලබානොදෙන බවත් මෝසමක් ගොනුකරමින් නීතිඥවරිය කියාසිටියාය.
එහිදී මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ ඉදිරි දින නිරීක්ෂණ සඳහා ගිය පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවය.
පාතාලයේ ප්‍රබලයන් වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු, වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා සහ තෙවරාසගේ අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් පාණදුර චුට්ටේ හෙවත් ටිංටිං යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටී.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart