May 4, 2026

හැන්ටා නමින් හැඳිවෙන වෛරසය හේතුවෙන් අත්ලාන්තික් මුහුදු ගමනකට සම්බන්ධ වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් බ්‍රිතාන්‍ය සංචාරකයකු දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

දකුණු අප්‍රිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළේ ශාන්ත හෙලේනා සහ ඇසෙන්ෂන් දූපත අතර කෲස් නෞකාවේ ගමන් කරමින් සිටියදී රෝගාතුර වූ බ්‍රිතාන්‍ය මගියා හැන්ටා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමේ දී තහවුරු වූ බවයි.

සංචාරකයා පළමුව ඇසෙන්ෂන් දූපතේ රෝහලකට ගෙන යන ලද අතර පසුව විශේෂඥ ප්‍රතිකාර සඳහා දකුණු අප්‍රිකාවේ සැන්ඩ්ටන් හි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට මාරු කරන ලදී.

මෙම වසංගතයට සම්බන්ධ මරණ දෙකක් සෞඛ්‍ය නිලධාරීන් විසින් ද තහවුරු කර තිබේ.

පළමු මරණය ලෙස වාර්තා වී තිබුණේ උෂුවායා සහ ශාන්ත හෙලේනා අතර නෞකාව ගමන් කරමින් සිටියදී රෝගාතුර වූ 70 හැවිරිදි පුද්ගලයෙකි.

බලධාරීන් පැවසුවේ ඔහුට උණ, හිසරදය, උදර වේදනාව සහ පාචනය ඇති වූ අතර පසුව දිවයිනට පැමිණි විගස මිය ගිය බවයි.

ඔහුගේ 69 හැවිරිදි ලන්දේසි ජාතික බිරිඳ පසුව නෙදර්ලන්තයට ආපසු යෑමට උත්සාහ කරන අතරතුර ටැම්බෝ අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ඇද වැටී අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කළ පසු මිය ගොස් ඇත.

වාර්තා වන පරිදි, නෞකාව ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දෙසට යාත්‍රා කර ඇති අතර, ගමන අතරතුර ශාන්ත හෙලේනා සහ ඇසෙන්ෂන් දූපතේ නතර වී තිබේ.

හැන්ටා වෛරසය වකුගඩුවලට දරුණු ලෙස බලපාන හා ඇතැම් විට මාරාන්තික විය හැකි රෝගයකි.