
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග, යුරෝපය සහ උතුරු ඇමරිකාවේදී ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන චිත්‍රපට හයක් සඳහා මූල්‍යාධාර ලබා දී ඇතැයි ලයිකා සමූහ ව්‍යාපාරයට අයත් ලයිකා ප්‍රඩක්ෂන් (Lyca Productions Sri Lanka) සමාගම සඳහන් කර ඇත.
නිෂ්පාදනය කිරීමට නියමිත චිත්‍රපට හයෙන් පහක් සිංහල වන අතර, එකක් දෙමළ භාෂාවන්ගෙන් නිර්මාණය කෙරේ.
ලයිකා සමූහයේ චිත්‍රපට බෙදාහැරීමේ නාලිකාව හරහා ශ්‍රී ලාංකීය චිත්‍රපට මැදපෙරදිග, යුරෝපීය සහ උතුරු ඇමරිකානු ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවන බව ලයිකා ප්‍රඩක්ෂන් සඳහන් කර ඇත.
ලයිකා ප්‍රඩක්ෂන් විසින් නිෂ්පාදනය කෙරෙන චිත්‍රපට හය අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රියන්ත කොළඹගේ සහ චන්න පෙරේරා විසින් අධ්‍යක්ෂණය කර ඇත.
පසුගිය වසරේ ලයිකා ප්රඩක්ෂන්හි තෙළිඟු භාෂා RRR (2022) චිත්‍රපටය මේ දක්වා ඉන්දියාවේ වැඩිම ආරම්භක දින ආදායම ඉපැයූ චිත්‍රපටය බවට පත් වී ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
RRR චිත්‍රපටය පසුව එක්සත් ජනපදයේ සහ ජපානයේ නිකුත් කරන ලද අතර, එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් පවසන පරිදි එය ලොව පුරා ඩොලර් මිලියන 88ක් උපයා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart