
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට භාරදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ශානි අබේසේකර පරීක්ෂණවලින් ඉවත් කිරීමට පෙර, එම ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සාර්ථකව සිදු කරමින් සිටි බව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“එතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පවා විශ්වාස කළ අවංක නිලධාරියෙක්.” යැයි විපක්ෂ නායකවරයා පැවැසීය.
විපක්ෂ නායකවරයා කියාසිටියේ දේශීය වශයෙන් විනිවිදභාවයෙන් යුක්ත සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බැවින් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි.
“අපට සත්‍යය හෙළිදරව් කිරීම අවශ්‍යයි. දේශීය වශයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වනවා නම්, අපට ජාත්‍යන්තර පරීක්ෂණයක් හෝ ජාත්‍යන්තර විමර්ශකයින් අවශ්‍ය නැහැ ” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart