
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සටන්කාමීන්ගේ නායකයකු වන මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබේ.
ඔක්තෝබර් 7 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මිය ගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වන්නේ එහි නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඉසාය.
ගාසා තීරය පාලනය කරන පලස්තීන කණ්ඩායම ඔහුගේ මරණය පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දක්වා නැත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයේ ගැටුම් ඇතිවීමෙන් පසු එම කලාපයේ සිය හයවැනි සංචාරය සඳහා මේ සතියේ මැද පෙරදිග බලා යනු ඇති බව ද වාර්තා වේ.
ඉතිරිව සිටින සියලුම ප්‍රාණඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා සටන් විරාම ගිවිසුමකට එළඹීමට අන්තර්ජාතික වශයෙන් සිදුකරන ප්‍රයත්නයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහු සෞදි අරාබියේ සහ ඊජිප්තුවේ රැස්වීම් පවත්වනු ඇත.
මේ සතියේ සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ප්‍රහාරයක් දියත් කිරීමේ අරමුණින් මිලියනයකට අධික ජනතාවක් රෆා නගරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර තිබිණි.
මාසයක පසු පැවති ඔවුන්ගේ පළමු සංවාදයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැවසුවේ මෙය ‘වැරදීමක්’ වනු ඇති බවයි.
මීට සතියකට පෙර මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට යටින් ඇති උමං සංකීර්ණයක් ඉලක්ක කර එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඊසා මියගිය බව ඊශ්‍රායල ආරංචි මාර්ග වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart