
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ ඔහුගේ ආරක්ෂකයකු ඊයේ ඉරානයේදී ඝාතනය කර ඇතැයි එම සංවිධානය නිවේදනය කර තිබේ.
හමාස් සංවිධානය පැවසුවේ අඟහරුවාදා උදෑසන ටෙහෙරානයේ පිහිටි හනියේගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද එම සංවිධානය පවසයි.
ඉරාන ජනාධිපති Masoud Pezeshkianගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හනියේ ඉරාන අගනුවරට පැමිණ සිටියේය.
“සහෝදරයා, නායක, ව්‍යාපාරයේ ප්‍රධානියා වන මුජාහිඩ් ඉස්මයිල් හනියේ, නව ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වීමෙන් පසු ටෙහෙරානයේ ඔහුගේ මූලස්ථානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය” යනුවෙන් හමාස් සංවිධාන නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
ඉරානයේ විප්ලවීය ආරක්ෂක භටයන් ද ඔහුගේ මරණය තහවුරු කර තිබිණි.
Khaled Meshaalගේ අනුප්‍රාප්තිකයා ලෙස හානියේ 2017 දී හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් විය.
1993 දක්වා පැවති ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව පළමු පලස්තීන ඉන්ටිෆාඩා හෙවත් ‘නැගිටීම’ මධ්‍යයේ සටන්කාමී කණ්ඩායම ආරම්භ කරන විට ඔහු 1987 දී හමාස් සංවිධානයට සම්බන්ධ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart