
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපත අසල මුහුදු ප්රදේශයේ ඊයේ (11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපුව ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්රෑම් 551ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රා දෙකක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් මෙම ඩිංගි යාත්රා දෙක පරීක්ෂා කර ඇති අතර, එහිදී උර 21ක අසුරන ලද මෙම බීඩිකොළ තොගය සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ත් 27ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්රදේශයේ අයවන අතර, ඔවුන්ගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart