
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රදේශයට ආවේණික සංවේදී කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක පියවරක් ලෙස, හග්ගල උද්භිද උද්‍යානය පරිශ්‍රයේ ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක්, මූලික පර්යේෂණාගාරයක් සහ නව පරිසර සංචාරක කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
මෙම යෝජිත සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි හග්ගල උද්භිද උද්‍යාන පරිශ්‍රයේදී විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබේ.
මෙම නිරීක්ෂණ සංචාරය සහ ඊට පසුව පැවැති සාකච්ඡා සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
හග්ගල ප්‍රදේශයට හිමි අද්විතීය භූගෝලීය ලක්ෂණ සලකා බලමින්, එම ප්‍රදේශයට පමණක් ආවේණික වූ දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී තිබේ.
එමෙන්ම, ප්‍රදේශයේ සතුන් සහ ශාක පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා මූලික පර්යේෂණාගාරයක් ස්ථාපනය කිරීම මෙන්ම ඊට අදාළ පහසුකම් සපයා ගැනීම කෙරෙහි ද නිලධාරීන්ගේ අවධානය යොමු විය. ස්වාභාවික පරිසරයට වන හානිය අවම කරමින් දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් පාගමන් මාර්ග සහ මංපෙත් සහිත නව පරිසර සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට ද යෝජනා වී ඇත.
හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සුරක්ෂිත කිරීම සඳහා වීදුරු හරිතාගාර ඉදිකිරීම මෙන්ම, මහජනතාවට සහ පර්යේෂකයින්ට අදාළ ශාක හා සත්ව ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීමට පහසුකම් සැලසීම ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.
මීට අමතරව, පරිසර පද්ධතියට හානි සිදුවන කිසිදු ක්‍රියාකාරකමකට ඉඩ නොතබමින්, සංචාරකයින්ට ස්වාභාවික පරිසරයේ අත්දැකීම විඳගැනීමට සැලසීම සඳහා හග්ගල උද්‍යානය “ශූන්‍ය කාබන් විමෝචන” කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ද නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart