
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (සිකුරාදා) චෙන්නායි හි පිහිටි තමිල්නාඩු මහලේකම් කාර්යාලයේදී එම ප්‍රාන්තයේ පොදුරාජ්‍ය කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ආදව් අර්ජුනා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශවය අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම සුළුතර ප්‍රජාවන්ට බලපාන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත.
එසේම, ශ්‍රී ලංකාවේ සුළුතර දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ඉදිරි කාලයේදී තමිල්නාඩු මහ ඇමති ජෝසප් විජේ හමුවීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඒකාබද්ධ සංචාරයක නිරත වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද රවුෆ් හකීම් මෙහිදී තමිල්නාඩු අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ සුළුතර ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු විසඳීම සහ ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ දේශපාලන නියෝජිතයන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart