June 14, 2025

ඊයේ (ජුනි 13) රාත්‍රියේ මරදාන, පංචිකාවත්තේ දී වෙඩිතැබීමට ගත් උත්සාහයක් ගිනි අවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් අසාර්ථක වූ බව වාර්තා වේ.

පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටි ප්‍රදේශයේ පදිංචිකරුවකු ඉලක්ක කර වෙඩිතැබීමට උත්සාහ කර ඇත.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පළාගොස් තිබේ.

සැකකරුවන් පළායන අතරතුර වෙඩි උණ්ඩයක් අතහැර දමා ඇති බව පොලිසිය පවසයි.