
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යෝජනාවක් භාරදීමේ උත්සාහයක් අරඹා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් දසදෙනකු පමණ දැනටමත් යෝජනාවට අත්සන් කර ඇති බවයි.
විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම යෝජනාවට සහාය පළකරන බව ඔහු පවසයි.
මෙවැනි තේරීම් කාරක සභාවක් ප්‍රශ්නය යට ගැසීමේ උත්සාහයක් විය හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කරයි.
එය විපක්ෂ නායකවරයාගේ මෝඩ අදහසක් යැයි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
තේරීම් කාරක සභාවක් රජය විසින් ද පිළිගන්නා බව සභානායක ප්‍රසන්න රණතුංග පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ එවැනි පියවරක් මගින් ප්‍රශ්නය යටපත් කර දමනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart