
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2024 මාර්තු මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි වී තිබේ.
උපයෝගිතා පිළිබඳ කොන්දේසිවලට යටත්ව, චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5කට සමාන හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බව මහ බැංකුව පවසයි.
දළ නිල සංචිත වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය සැළකිව යුතු ලෙස මිලදී ගැනීමයි.
2024 මාර්තු මාසයේදී ශුද්ධ මැදිහත්වීම අමෙරිකානු ඩොලර් මිලියන 715ක් වූ අතර 2024 පළමු කාර්තුව තුළ ශුද්ධ මිලදී ගැනීම් ඩොලර් බිලියන 1.2ක් විය.
දළ නිල සංචිතයේ ආනයන ආවරණය 2023 දෙසැම්බර් සිට මාස 3කට වඩා ඉහළින් පැවතිණි.
2024 මාර්තු සඳහා ශ්‍රී ලංකාවේ බාහිර අංශයේ කාර්ය සාධනය පිළිබඳ වාර්තාව හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විස්තර ප්‍රකාශයට පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart