
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ නිෂ්පාදිත අන්තර්ජාල සම්බන්ධිත ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ රහස් තොරතුරු රැස්කිරීමේ සහ ඔත්තු බැලීමේ දැඩි අවදානමක් පවතින බව තාක්ෂණික විශේෂඥ වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.
‘ආරක්ෂිත තාක්ෂණය පිළිබඳ සන්ධානය’ (CST) මගින් සිදුකරන ලද මෙම විශ්ලේෂණයට අනුව, GPS තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ට්‍රැක්ටර්, ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය වාරි පද්ධති සඳහා චීන නිෂ්පාදිත විද්‍යුත් චිප් බහුලව යොදාගෙන තිබීම මෙම තාක්ෂණික අවදානමට ප්‍රධාන හේතුව වී තිබේ.
‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත වෙත ලැබී ඇති එම වාර්තාවට අනුව, මෙලෙස චීන තාක්ෂණය මත යැපීම හේතුවෙන් එක්සත් රාජධානියේ සමස්ත ආහාර නිෂ්පාදන පද්ධතිය සහ ආහාර ආරක්ෂණය දැඩි තර්ජනයකට ලක්ව ඇත.
සයිබර් ප්‍රහාර හරහා මෙම උපකරණ හැක් (hack) කිරීමෙන් වගා අස්වැන්න, අනාගත නිෂ්පාදන පුරෝකථන සහ සත්ව පාලන දත්ත ලබාගැනීමට චීන හැකර්වරුන්ට හැකියාව පවතින බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.
ලෝකයේ අන්තර්ජාල සම්බන්ධිත සෙලියුලර් (CIMs) මොඩියුලවලින් 70% ක්ම චීනය නිෂ්පාදනය කරන අතර, මීට පෙරද ශීතකරණ සහ ස්මාර්ට් ගෘහස්ථ උපකරණ ඔස්සේ සිදුවිය හැකි චීන ඔත්තු බැලීම් ගැන CST සංවිධානය අනතුරු අඟවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart