
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළුව එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ.
ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇති එකම පවුලේ සාමාජිකයින් වන්නේ අනතුරට පත්වූ ත්‍රිරෝද රථයේ රියදුරු වු 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ ඔහුගේ 10 හැවිරිදි මුනුපුරා සහ 7 හැවිරිදි මිනිබිරිය බව පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දියණිය සහ 18 හැවිරිදි මුනුපුරා ද රෝහල් ගත කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart