
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට දරුවන් ඇතුලත් කිරීමට ව්‍යාජ පදිංචි සහතික ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරියෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
ගඟවට කෝරළය, අංක 251 සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරිවරයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ගේ නම භාවිත කරමින් ව්‍යාජ ලිපි ලේඛනඇතුළත් කර එම විදුහලට ළමුන් 29 දෙනෙකු ඇතුලත් කර ඇති බවට මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මාපියන්ට කූට ලේඛන සකස් කරදීමේ චෝදනාව මත පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකු සමග මෙම ග්‍රාම නිලධාරීවරයා දුරකතන සංවාද ගණනාවක් සිදුකර ඇති බව ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart