
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි – මිනිස් ගැටුම අවම කිරීමේ දිගුකාලීන උපායමාර්ගික පියවරක් ලෙස, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අලි මංකඩවල් (අලින් ගමන් ගන්නා සාම්ප්‍රදායික මාර්ග) කඩිනමින් නිදහස් කර ඒවා ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ සම-සභාපතිත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ භාග්‍ය ශ්‍රී හේරත් මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද පිරිසක් එක්ව සිටියහ.
මහකනදරාව, නාච්චාදූව සහ මහවිලච්චිය යන වනාන්තර ප්‍රදේශ යා කරන සාම්ප්‍රදායික අලි මංකඩවල පවතින බාධා ඉවත් කර ඒවා නිදහස් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම ජී.පී.එස්. (GPS) සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් අලින් ගැවසෙන ස්ථාන සහ මාර්ග සිතියම්ගත කිරීමටත්, එම අලි මංකඩවල් නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගැනීමටත් නිලධාරීහු එහිදී සාකච්ඡා කළහ.
මහකනදරාව සහ නාච්චාදූව අතර පිහිටි අලි මංකඩ වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. වන අලීන්ට එම සතුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග ඔස්සේ නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීම සහ මිනිස්-අලි ගැටුමට විද්‍යාත්මක, දිගුකාලීන විසඳුමක් ලබාදීම අරමුණු කරගත් රජයේ පරිසර ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි කොහොලංකල, හඳපානගල සහ වැටහිරකන්ද යන ප්‍රධාන අලි මංකඩවල් තුනක් මේ වන විටත් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර අලින්ගේ ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ද රජය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart