
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන්වන පුද්ගලයන් නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පවසන්නේ, මෙම වැඩසටහන යටතේ නිවාස අඩස්සියේ තබන පුද්ගලයන් GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරන බවයි.
මහනුවරදී ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහුවැඩිදුරටත් කියාසිටියේ, ඔවුන් නිවාස අඩස්සියේ තබා සිටින විට අධිකරණයෙන් පනවා ඇති කොන්දේසි පිළිපැදීම අධීක්ෂණය කිරීමේ කටයුතු බන්ධනාගාර නිලධාරීන් සහ ළඟම ඇති පොලිස් ස්ථානය මගින් සිදුකරන බවයි.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් සිටින බවත් එය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
බන්ධනාගාරවල තදබදය අවම කිරීමට පියවර ගනිමින් සිටින බව සඳහන් කළ ඔහු බන්ධනාගාරවල ඉඩකඩ පවතින්නේ රැඳවියන් 13,000කට වුවද දැනට බන්ධනාගාරවල සිටින සංඛ්‍යාව 33,000 දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart