
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයනය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බවට පසුගියදා පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, බලපත්‍ර මගින් වාහන ආනයනය කිරීම අවලංගු කර නොමැති නමුත් මෙම වසර සඳහා වාහන ආනයනය සීමාකර ඇති බවයි.
වාහන බලපත්‍ර ප්‍රතිලාභය අවලංගු කිරීමට රජයට හැකියාවක් නොමැති බවද ඔහු එහිදී පැවසුවේය.
“වාහන බලපත්‍ර සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් නොමැති අතර නිලධාරීන්ට හෝ අවශ්‍ය සුදුසුකම් ඇති අයට ප්‍රතිලාභ අහිමි නොකළ යුතුයි. මෙම ප්‍රතිලාභ ලබාදෙන විට පසුගිය කාලයේ ගත් ක්‍රියාමාර්ගවලට වැරදි තීරණ ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ වැටුපක් හෝ වරප්‍රසාදයක් නොලැබෙන නිසා සමහර විට මෙම බලපත්‍ර හෝ වෙනත් දේවල් වාසිසහගත ලෙස යොදාගෙන තිබෙනවා. කෙසේවෙතත්, ඒවා වෙන වෙනම පරීක්ෂා කළ හැකියි”ඔහු පැවසීය.
නිකුත්කර ඇති බලපත්‍ර සංඛ්‍යාව සම්බන්ධයෙන් ගත්කල, දත්ත අනුව 15,000 සිට 20,000 දක්වා සංඛ්‍යාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
“අපි විදේශ විනිමය සංචිත සලකාබලා බලපත්‍ර විවෘත කළහොත්, මේ වසරේ අප තබා ඇති ආර්ථික ඉලක්ක වෙත ළඟා වීමට අපට නොහැකි වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා එය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොව ප්‍රමුඛතා ප්‍රශ්නයක් වන අතර එය අවලංගු කිරීමට තීරණයක් ගෙන නැහැ,” නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැහැදිලි කළේය.
කෙසේවෙතත් පසුගිය දා ‘සිරස සටන’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියාසිටියේ මෙම වසරේදී බලපත්‍ර භාවිත කරමින් වාහන ආනයනය කිරීමට ඉඩ නොදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart