
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුදුරේදීම විදුලි ගාස්තු වැඩිකිරීමේ හැකියාවක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ මත විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බව පසුගිය දා පළවූ ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
කෙසේවෙතත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou පසුගිය දා නිවේදනය කළේ මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළයුතු බව සහ එය ණය වැඩසටහනේ සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවයි.
එහෙත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැහැදිලි කළේ, විදුලිය ගාස්තු වැඩිවන්නේ ජනන වියදම් ඉහළ ගියහොත් පමණක් බවයි.
“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් අදහස් වන්නේ අප ජනන වියදම් එකතු කර නැති බවයි. ඒ කියන්නේ පසුගිය කාර්තුවේදී ජනන වියදම් නිසි ක්‍රමවලින් එකතු කර නොගත් බවයි. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු රැස්කර තිබෙනවා,” ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ මෙම තොරතුරු මත ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩිකිරීමට අවස්ථාවක් නොමැති බවයි.
“ඉන්පසු ජනන පිරිවැය වෙනස්වන විට කුමක් සිදුවේදැයි අපට පැවසීමට හැකියාවක් නැහැ. නමුත් වර්තමානයේදී ගාස්තු තීරණය වන්නේ ජනන පිරිවැය මත පදනම්වයි. ඒ නිසා නුදුරු අනාගතයේ දී විදුලි ගාස්තුවල වෙනසක් සිදුවෙන එකක් නැහැ” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart