
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෞවන සමාජ පිළිබඳ කරන ලද ප්‍රකාශය සඳහා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු පවසා ඇත්තේ, ජාතික තරුණ සභාව සහ යෞවන සමාජ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ දේශපාලන න්යායපත්ර සඳහා යොදාගත් බවයි.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාතික තරුණ සභාව දේශපාලනයෙන් නිදහස් කිරීමට පමණක් බවත්, යෞවන සමාජ දේශපාලන යාන්ත්රණවලින් දක්ෂතා ඇති තරුණ තරුණියන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසාදෙන බවත් ඔහු පවසා තිබේ.
විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික තරුණ සේවා සභාව දේශපාලන න්යායපත්ර සඳහා යොදාගත් බවත්, එහිදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය නංවාලීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ රුපියල් මිලියන ගණන් මුදල් යෙදවූ බවත්ය.
එමෙන්ම ඔහු පවසන්නේ, ජාතික තරුණ සභාවෙන් රුපියල් මිලියන 536ක් පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සංගීත සංදර්ශන සඳහා යොදාගෙන ගෙන ඇති බව සහ රුපියල් මිලියන 68 ක වංචාවක් සිදුව ඇති බවට නීතිපති වෙත යොමුකළ වාර්තාවක සඳහන් වී ඇති බවයි.
2024 දී පාලිත රංගේ බණ්ඩාර විසින් ගලගෙදර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස තරිඳු නවීන් පත්කළ කාලයේත්, නවීන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්වරයා ලෙසත්, තරුණ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන න්යායපත්ර සඳහා මිලියන ගණනින් තරුණ සේවා සභා මුදල් යෙදවූ කාලයේත් යෞවන සමාජ දේශපාලනීකරණය වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
රජය ග්‍රාම නිලධාරී වසම් 12,000කට අධික සංඛ්‍යාවක යෞවන සමාජ ස්ථාපිත කර, දිස්ත්‍රික් සමුළු පවත්වා ඇති බවත් ජාතික තරුණ සමුළුව අගෝස්තු 12 වැනි දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
ජාතික තරුණ සමුළුව වසර 32ක් තිස්සේ පවත්වා නොමැති බවද ඔහු කියාසිටියි.
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකකම ලබාගැනීමට උත්සාහ කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවත්, වංචා දූෂණවල නිරත දේශපාලනඥයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වෙනතකට යොමුකිරීමට ද විපක්ෂය උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart