
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත දිවයිනටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ නිවාස කඩිනමින් පදිංචියට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කර ගැනීම සඳහා රු.10,000.00ක අත්තිකාරමක් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය කඩිනමින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ලිපියක් යොමුකරමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇත.
2025 නොවැම්බර් මස 21 වන දින සිට දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් ආපදා තත්ත්වය පහවයාමත් සමඟ නැවතත් ඔවුන් පදිංචිව සිටි නිවාස වෙත යොමු කළ යුතු වුවත් එම නිවාස පදිංචිය සඳහා සුදුසු/සෞඛ්යාරක්ෂිත තත්ත්වයේ නොමැති වීම හේතුවෙන් එසේ යොමුකිරීම ගැටලුවක් වියහැකි බවත්, එබැවින් එම නිවාස කඩිනමින් පදිංචියට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කර ගැනීම සිදුකළ යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.
ඒ සඳහා ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025හි 5.2 සංශෝධනය කරන අතර ආපදාවට පත් වූ එක් නිවසක් වෙනුවෙන් රු.10,000.00ක අත්තිකාරම් මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස දන්වන බවත්, මෙම අත්තිකාරම් මුදල පවතින විස්තීරණ ආපදා තත්ත්වය හේතුවෙන් ජලයෙන් යටවීම, ගස් කඩාවැටීම හෝ වෙනත් ආපදාවක් හේතුවෙන් මඩ/පස්/සුන්බුන් තැන්පත් වීමෙන් පදිංචියට නුසුදුසු තත්ත්වයේ පවතින නිවාස පිරිසිදු කර යථාවත් කර ගැනීම සඳහා විපතට පත් පවුල් වෙත කඩිනමින් ලබාදෙන ලෙසත් ලේකම්වරයා සඳහන් කර ඇත.
මෙහිදී පදිංචි ඉඩමේ අයිතිය නොසලකා වතු නිවාස ද ඇතුළුව ආපදාවට පත්වන සියලුම නිවාස සඳහා මෙම රු.10,000.00ක අත්තිකාරම ලබාදිය යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart