
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුතුයියන්කඩ්ඩු වැවෙන් තරුණයකුගේ මළසිරුරක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගවලට අනුකූලව රිමාන්ඩ් කර ඇති බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් විරෝධතාවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පසුගියදා නිවේදනය කළේ අද (15) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හර්තාලයක් පවත්වන බවයි.
එහෙත් හර්තාලයක් සඳහා කිසිදු හේතුවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
“ඔවුන් හර්තාලයක් පවත්වන බව කියනවා, නමුත් ඒකට කිසිදු හේතුවක් නැහැ. අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. හර්තාලයක් තිබුණත් නැතත්, අපට වෙන කරන්න දෙයක් නැහැ. අධිකරණ නියෝග අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. හර්තාලයක් දියත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක්.” යැයි අමාත්‍යවරයා පැවසීය.
අනෙකුත් පළාත්වල ද මෙවැනිම සිදුවීම් සිදුවන නමුත් එම ප්‍රදේශවල ජනතාව හර්තාල් දියත් නොකරන බව ඔහු තවදුරටත් පැවසීය.
“මේ සිදුවීම් අපි ජනවාර්ගිකත්වය හෝ ආගම අනුව නොබැලිය යුතුයි. අපරාධයක් සිදු වූ විට, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත පොලිසිය වගකිව යුතු ඕනෑම කෙනෙකුට එරෙහිව ක්‍රියා කරනවා, පසුගිය මාස කිහිපය තුළ අපි මෙය ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා.” යනුවෙන් ද ඔහු පැවසීය.
32 හැවිරිදි පුද්ගලයකුගේ මරණයෙන් පසු එය ‘හමුදාවේ කෲරත්වය’ ලෙස හඳුන්වමින් ඊට විරෝධය පළ කිරීම සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අද දින හර්තාල් ව්‍යාපාරයක් කැඳවා ඇත.
තරුණයාගේ මළ සිරුර හමුදා කඳවුරකට ආසන්නව පිහිටි මුතුයියන්කඩ්ඩු වැවෙන් සොයා ගෙන තිබිණි.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියේ මරණය සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මෙන්ම උතුරු සහ නැගෙනහිර ‘හමුදාව වැඩිපුර සිටීම’ ඉවත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart