
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට දී තිබූ කාලය, ජුනි 30 වැනිදායින් අවසන් වූ බවයි.
එම කාලසීමාව තුළ අදාළ ප්‍රකාශ ලබානුදුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14 ක් ඇතුළත ඒවා ලබාදෙන්නැයි අවවාදාත්මක ලිපි යොමුකර තිබිණි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම කාලසීමාව ඊයෙන් වූ බවයි.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ නුදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසමට භාර දිය යුතු ය.
ඒ අනුව අද සිට අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අයකර ගැනීමට නියමිතය.
ඒ යටතේ මූලික වැටුපෙන් එක් දිනකට තිහෙන් එක බැගින් කප්පාදු කරන බව, අමාත්‍ය චන්දන අබේරත්න පවසයි.
2025 මාර්තු 31 වැනිදා දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛණ, එලෙස අල්ලස් කොමිසමට කැඳවා තිබිණි.
අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් ද, ඉදිරියේදී වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවීමට අල්ලස් කොමිසම සැලසුම් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart