
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේදී දුම්වැටි බදු සියයට 20කින් ඉහළ නැංවීමෙන් පසු, වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් මිල අඩු දුම්වැටි සන්නාම වෙත යොමුවීම හේතුවෙන් 2024 වසරේදී රජයට ලැබීමට තිබූ දුම්කොළ බදු ආදායමෙන් රුපියල් බිලියන 9.4ක අතිවිශාල අලාභයක් සිදුව ඇති බව ‘වේරිටේ රිසර්ච්’ (Verité Research) ආයතනයේ පර්යේෂකයන් උපුටා දක්වමින් නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසන්නේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින දුම්කොළ බදු ව්‍යුහය හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමි වන අතරම, දුම්කොළ සමාගම්වලට ඔවුන්ගේ ලාභය එලෙසම පවත්වා ගැනීමට හෝ ඉහළ නංවා ගැනීමට ඉඩ සැලසී ඇති බවයි.
2022 වසරට සාපේක්ෂව දුම්වැටි අලෙවිය සිගරට් කූරු මිලියන 521.5කින් (සියයට 18ක අඩුවීමක්) කැපීපෙනෙන ලෙස පහත වැටී තිබුණද, බදු ඉහළ දැමීම නිසා දුම්කොළ බදුවලින් ලැබෙන රාජ්‍ය ආදායම රුපියල් බිලියන 7.7කින් ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ පවතින බදු ක්රමයේ දෝෂ හේතුවෙන් පාරිභෝගිකයින් මිල අඩු දුම්වැටි වර්ග වෙත මාරුවූ බවත්, එමඟින් දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා රජය ගත් ප්‍රතිපත්තියේ සමස්ත බලපෑම සීමා වූ බවත්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය යටතේ නිර්දේශ කරන්නේ, පාරිභෝගිකයින් මිල අඩු සන්නාම වෙත මාරුවීම වැළැක්වීම සඳහා සියලුම දුම්වැටි වෙනුවෙන් ඒකාකාරී බදු ක්‍රමයක් සකස් කළ යුතු බවයි.
2017 සහ 2024 අතර කාලය තුළ දුම්වැටි බදු මඟින් ලැබෙන රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇත්තේ සියයට 27.5කින් පමණි.
එහෙත් ලංකා දුම්කොළ සමාගමේ (CTC) බදු ඉවත් කළ ශුද්ධ ආදායම සියයට 92.4කින් ඉහළ ගොස් ඇති අතර, මෙයින් රාජ්‍ය ආදායම සහ කර්මාන්තයේ ඉපැයීම් අතර පවතින පරතරය පැහැදිලි වන බව වේරිටේ රිසර්ච් ආයතනය පවසයි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ, 2025 වසරේදී බදු සංශෝධනය කිරීම් ප්‍රමාද වූ බවයි.
රටේ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී දුම්වැටි බදු ඒ හා සමාන වේගයකින් ඉහළ නොදැමීම හේතුවෙන් 2025 වසරේදී දුම්වැටි නිෂ්පාදනය සියයට 5කින් ඉහළ ගොස් ඇති අතර, එය මීට පෙර පැවති පහත වැටීමේ ප්‍රවණතාව ආපසු හැරවීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටියක සිල්ලර මිලෙන් අවම වශයෙන් සියයට 75ක්ම බදු විය යුතු බවයි.
එහෙත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දුම්වැටි කාණ්ඩයේ බදු ප්‍රතිශතය 2023 වසරේ පැවති සියයට 74 සිට 2024 වසරේදී සියයට 68.8 දක්වා පහත වැටී ඇති අතර, 2025 වසරේදී ද එය වෙනස් නොවී පැවැතිණි.
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණවලින් සියයට 83කටම හේතුව බෝ නොවන රෝග වන අතර, දුම්කොළ භාවිතය ඒ සඳහා ප්‍රධානතම හේතුවක් බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව දුම්පානය හේතුවෙන් ලංකාවේ දිනකට වළක්වා ගත හැකි මරණ 50ක් පමණ සිදුවන අතර, එය වාර්ෂිකව 20,000කට ආසන්න වේ.
දුම්පානය අවම කිරීම, මහජන සෞඛ්‍යය නංවාලීම සහ රාජ්‍ය ආදායම් ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව දුම්කොළ බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කරන ලෙස විශේෂඥයෝ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart